පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනිම ගැන දේශබන්දු, පතිනායක ඇතුළු පොලිසියේ නිලධාරීන් පස් දෙනෙකුට චෝදනා පත්‍ර දෙයි! 

පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත පහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රි ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් පස් දෙනකුට අදාළ චෝදනා පත්‍ර පසුගියදා පොලිසියේ විනය සහ කල්ක්‍රියා ඒකකය වෙතින් ඔවුන් වෙතට ලබා දීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියේ නිළධාරීන් හත් දෙනකු මෙම චෝදනාවට ලක්වූවද එයින් දෙදෙනකු මේ වනවිට විශ්‍රාම ගොස් සිටින බැවින් දැනට රාජකාරීයේ සිටින නිලධාරීන් පස් දෙනාට මෙසේ චෝදනා පත්‍ර භාර දීමට තටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

එ අනුව එවකට බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතිවරයා ලෙස කටයුතු කළ දේශබන්ධු තෙන්නකොන් එවකට කොළඹ භාරව කටයුතු කළ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක වෙත චෝදනා පත්‍ර භාර දී ඇති අතර  මොණරාගල ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් දැනට වැඩ තහනමකට ලක්ව සිටින එවකට කටාන භාර  පොලිස් අධිකාරී සිසිල කුමාර  කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සංජීව බණ්ඩාරට  සහ කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාටත් මෙම චෝදනා පත්‍ර යොමුව ඇති බව සඳහන් වේ.

මේ වනවිට විශ්‍රාම ගොස් ඇති චෝදනා ලත් නිලධාරීන් වන්නේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධකාරී ලෙස කටයතු කළ චන්දන අතුකොරාළ යන නිලධාරීන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version