පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්න විපක්ෂය රදගුරු සමුළුවෙන් වෙලාවක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු විස්තර සහිතව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුට සමස්ත රදගුරු මණ්ඩලය සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමගි ජනබලවේග මන්ත්‍රිවරු ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් අද ඉල්ලීමක් කළහ.

කොළඹ දේවස්ථානයකදී රදගුරු සමුළුවේ සභාපති වින්සන්ට් ප්‍රනාන්දු රදගුරුතුමන් වෙත ලිපියක් බාර දුන් මෙම මන්ත්‍රිවරු පවසා සිටියේ පාස්කු ඉරිදා මෙරට කිතුණු ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස සිටින සැබෑ මෙහෙයමුකරුවන් හෙළි කර ගැනීම මේ මොහොතේ වඩාත් ම වැදගත් කරුණ බවය.

පිටු 37.000කට අධික සංඛ්‍යාවකින් යුතු විශාල සාක්ෂි තොරතුරු ප්‍රමාණයක් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ලද ජනාධිපති කොමිසම මඟින් ලබාගෙන වෙලුම් 8කින් යුතු සංකීර්ණ වාර්තාවක් සකස් කළද තමන්ගේ සහ මහජනතාවගේ අධ්‍යයනය සඳහා ලබා දී ඇත්තේ එක වෙලුමක් බව පෙන්වා දුන් මෙම මන්ත්‍රිවරු තමන්ට රදගරු සම්මේලනය සමඟ සාකච්ඡාවක් අවශ්‍ය ඇයිද යන්න පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් කාට සකස් කළ ලිපියක් රදගුරු සමුළුවේ සභාපතිතුමන් වෙත පිරිනමා තිබේ.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික ‍රණවක, අචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, නලීන් බණ්ඩාර ‍යන අය කොළඹ දේවස්තානයකදී කතෝලික සභාවේ ප්‍රධාන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් හමුවේ පාස්කු පරීක්ෂණ වාර්තාව හා ඉන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර, අගරදගුරු මණ්ඩලය වෙත කරුණු දැක්වීම වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්ද කර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව යොමු කරන ලද මෙම ලිපිය පහත දැක්වේ.

Exit mobile version