පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැවති රජය සාමුහිකව භාරගත යුතුයි… හිටපු ජනපති කියයි……   

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම  එවකට සිටි රජය සාමූහිකව භාරගත   යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී කීවේය.

ත‍්‍රස්තවාදය සහ අන්තවාදය වැළැක්වීම සඳහා පියවර ගැනීම සමස්ත රජයේම වගකීම බවත් ජනාධිපති, අගමැති, ඇමතිවරුන් හෝ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් තනි තනිව වගකිව යුතු නැති බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත්  පැවසුවේය.

ඔහු යළිත් වරක් පාර්ලිමේන්තුව හමුවේත් කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විදේශීය මූලාශ්‍රයකින් ලැබුණු බුද්ධි තොරතුරු තමාට දැනුම් දී නොමැති බවය. ඒ බුද්ධි තොරතුරු සම්බන්ධව තමා දැනුවත්ව සිටියා නම්    තමා කිසි විටෙකත් එවැනි ප්‍රහාරයකට ඉඩ නොදෙන බව ඔහු අවධාරණයෙන් කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ තොරතුරු සම්බන්ධව දැනුවත්ව සිටියා නම් පල්ලිවලට, හෝටල්වලට ආරක්ෂාව සැපයීමටත්,   කොළඹට ඇඳිරි නීතිය පැනවීමටත් තමන් කටයුතු කරන බව ඔහු කීවේය.

Exit mobile version