පාසලේ  මැරතන් තරගයක් අතර අසාධ්‍ය වී මිය ගිය  16 හැවිරිදි විදූෂන්…. ( වීඩියෝ සහිතයි)

මනම්පිටිය නිමල් ජයරත්න –  

අම්පාර තිරික්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ පාසල්  ක්‍රීඩා තරග වෙනුවෙන් සංවිධානය කළ මැරතන් ධාවන තරඟයකට සහභාගි වූ අවුරුදු දහසයක සිසුවෙකු  මිය ගොස් තිබේ.

පරීක්ෂණ සිදු කරන තිරික්කෝවිල් පොලීසියට අනුව  මෙම අනතුරින් මියගොස් ඇත්තේ දො‍රේ අප්පා පාර තිරික්කෝවිල් අංක 03 ලිපිනයේ පදිංචි අවුරුදු දහසයක් වයසැති ජේ විදූෂන් නැමැති සිසුවෙකි.  මේ ඒ සිසුවා අද මැරතන් තරගයට සහභාගී වී සිටි අයුරුය.


තරගය අතරතුර අද උදෑසන 7.30ට පමණ විදූෂණට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී තිබිණි.  අනතුරුව වහාම ඔහුව     තිරික්කෝවිල් මූලික රෝහලට ඇතුළත් කර ඇත.  ඉන් පසු දරුවාට අසාධ්‍ය වී තිබිණි.  පසුව ඔහුව ගිලන් රථයකින් අක්කරෙයිපත්තු මහ රෝහලට මාරු කර  යවා තිබේ.   දහවල් 12,30 ට පමණ සිසුවා අක්කරෙයිපත්තු මහ රෝහලේ දී  මියගියේය.

රෝහල ඉදිරිපිට විරෝධතාවය…

මරණයෙන් සියලුදෙනා කම්පාවට පත් වී සිටියහ. මේ මරණයට හේතුව තිරුක්කෝවිල් රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්භාවය බවට වින්දිතයෝ චෝදනා කළහ.   අනතුරුව  විද්‍යාලයේ පාසල් සිසුන්, දෙමාපියන්, ආදි සිසුන්, තිරුක්කෝවිල් මූලික රෝහල ඉදිරිපිට  කොළඹ, මඩකළපුව ඒ 4 ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරත වූහ. පුරා පැය 06ක් මෙම විරෝධතාවය පැවැත්විනි. 500 කට ආසන්න   විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාකරුවන් තිරික්කෝවිල් මුලික රෝහලට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ.

Exit mobile version