පාසල් සිසුවිය දූෂණය කොට සැඟ වී සිටි යාපනයේ ගුරුවරයා අත්අඩංගුවට

දිනසේන රතුගමගේ

යාපනයේ අනලතිව් ප්‍රදේශයේ පාසලක  දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කොට පලා ගොස් සිටි එම පාසලේ ගුරුවරයෙකු වට්ටුක්කෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි මස 31 වෙනිදා අදාල ගුරුවරයා  විසින් මෙම ශිෂ්‍යාව දූෂණය කිරීමෙන් පසුව ඔහු සැගවී සිටි බවත් ඔහුට ආරක්ෂව සපයා දිමට අනලතීව් පාසලේ සෙසු ගුරුවරුන් සහාය ලබා දුන් බවත් ශිෂ්‍යාවගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කොට තිබුණි.

සිද්ධියට මුහුණ දුන් පාසල් ශිෂ්‍යාව එම ගුරුවරයාගේ උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවසට යමින් සිටියදී ගුරුවරයාගේ යතුරු පැදියෙන් ඇයව නිවසට රැගෙන යන අතර වාරයේ වෙනත්  නිවසක් වෙත රැගෙන ගොස් එහිදී සිසුවිය  දූෂණය කොට තිබේ.


වට්ටුක්කෝට්ටේ පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලින් පසුව සැකකටයුතු ගුරුවරයා අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල ශිෂ්‍යාව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ගුරුවරයාව ලක්ෂ පහක පුද්ගල ඇප මත  නිදහස් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වට්ටුක්කෝට්ටේ  පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි

Exit mobile version