පාසල් සිසුන් 12ක් අනතුරට ලක්කළ රියදුරාට මිනීමැරුම් චෝදනා

අරලගංවිල බෝගස් හන්දියේ දී පාසල් සිසුන් 11 දෙනෙකුට බරපතල තුවාල සිදුකර, එක් සිසුවෙක් මරා දැමූ මාරක රිය අනතුර සිදුකළ රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු කිරීමත් සමගම ඔහු මිනීමැරීම හා මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ අද (09) අධිකරණයට ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ බීමත් රියදුරා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඊයේ සවස 3.20ට පමණ මෙම මාරක රිය අනතුර සිදුකිරීමෙන් පසු පලාගිය රියදුරා එදින සවසම පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.


මෙ කැබ් රථය දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර සිදුවිය.

තුවාල ලැබූ දරුවන් 11 දෙනාගෙන් සිවුදෙනකු පොලොන්නරුව රෝහලට ද තවත් 7 දෙනකු අරලගංවිල රෝහලට ද ඇතුළත් කර තිබිණි.

බරපතල තුවාල ලැබූ එක් දරුවෙක් අරලගන්විල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වී තිබිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගොස් තිබුණේ වයස අවුරුදු 16ක් පමණ වන රත්මල්තැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

Exit mobile version