පාසල් සිසුන් ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමති මන්ත්‍රීවරියකට  කුනුහරුප කියයි !

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවැති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත   සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න  අතර පැවැති උණුසුම් වාදයේදී අධ්‍යාපන අමාතයවරයා අමු තිත්ත කුනුහරුප වචන භාවිත කිරීම පිළිබඳව මන්ත්‍රීවරිය කතානායකවරයාට පැමිණිලි කර ඇත.

ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳව කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව මන්ත්‍රිවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන්  සෑහීමකට පත් නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝප වූ අධ්‍යාපන අමාත්‍යවරයා   “ ‘මල හු…….. ක් නේ මේ ගෑණි‘……….. යනුවෙන් බැන වදින අයුරු අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයේ ද දැකිය හැකි විය.

අමාත්‍යවරයා සභාව අමතද්දී මහජන ගැලරියේ පාසල් සිසුහු ද සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධිය වන අවස්ථාවේ දී මුලසුන දරනු ලැබූවේ ද කථානායකවරයා වන අතර අවස්ථා දෙකකදී අධ්‍යාපන අමාත්‍යවරයා මන්ත්‍රිවරියට කුණුහරුපයෙන් බැන ඇති බවට ඇය පැමිණිලි කර ඇත.


Exit mobile version