පාසල් පටන් ගන්න සූදානම්…  අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියල්ලන්ම එන්නත් කිරීමේ ව්‍යාපෘතිය අද අරඹයි…

රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (2021/07/09) දින ආරම්භ  වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුව මේ මස 12වැනි සඳුදා සිට සියලු ම ගුරුවරුන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි වෙතැ යි විශ්වාස කෙරේ.


 

Exit mobile version