පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවිකළ වෛද්‍යවරයා සම්බන්ධව GMOA දැඩි ස්ථාවරයක…

මින් පෙරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලියා මෙම පුද්ගලයා සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරවලා…

ශ්‍රියානි විජේසිංහ –                             

වේදනානාශක සහ මානසික රෝගීන් ට ලබාදෙන ඖෂධ  ‌තොගයක් සමඟ ඊයේ (14) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා   පාසල් දරුවන් සහ තරුණ තරුණියන්ට මත්පෙති අලෙවි කළ බවට මීට පෙරත්    ප්‍රවෘත්ති පළවි ඇති බවත්,    ඔහු පිලිබඳව වහාම පරික්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ වකවානුවේම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාකාර ලේකම් පාලිත රාජපක්ෂ ලංකාසරට පැවසුවේය

මෙම ඉල්ලීමට අනුව  සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහු පිලිබඳව සොයා බැලීමක් කළ නමුත් සැකකටයුතු කිසිවක් හඳුනා ගැනීමට නොහැකි වූ බව  ද ඔහු කීවේය.

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහුගේ සාමාජිකත්වය අහෝසි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ   පැහැදිලි කළේය.

මෙම වෛද්‍යවරයා පාසල් ළමුන් සහ තරුණ තරුණියන්ට ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍යයක් ලෙස විවිධ වේදනානාශක ඖෂධ අලෙවි කරන බවට තොරුතුරු ලැබීමත් සමග මේ පිලිබඳව   තමා ඇතුලු බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ඔහුට   විරෝධය පළ කළද ඔහු එවැනි ක්‍රියාවක යෙදී නොමැති බව පුන පුනා සදහන් කළ බව ද සහකාර ලේකම්වරයා කීවේය.  


කෙසේ නමුත් මොහු වේදනානාශක සහ මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම  සඳහා ක්‍රියා කර ඇති බවට පාසල් දරුවන්ගේ දෛමාපියන් සහ ගුරුවරුන්ද තොරතුරු ලබා දෙන බව හෙතෙම පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකාර වෛද්‍යවරයා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහු වෙනුවෙන්    බදුල්ල ශාඛාවේ කිසිදු වෛද්‍යවරයෙක්   පෙනී නොසිටින බව සියලුම සාමාජිකයින්ට දැනුම් දුන්නේ යැයි   වෛද්‍ය  රාජපක්ෂ  වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Exit mobile version