පාසල් දරුවන්ට එන්නත් දීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

Female doctor giving covid-19 vaccine to a boy

පාසල් දරුවන්ට එන්නත් දීම සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අමාත්‍යංශ ඉහළ නිලධාරින් සහ වෛද්‍ය විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ලංකාරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සවස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාසල් සිසුන්ට එන්නත ලබා දීම පිළිබඳව තීරණය වීම බොහෝ දුඑරට ඉඩ අති බවද එම ප්‍රකාශකයා සඳහන් කලේය. එහිදී වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත ලබා දෙන්නේද නැතිනම් වයස අවුරුදු 05ට වැඩි දරුවන්ට එන්නත ලබා දීම සිදු කරන්නේද යන්න පිළිබඳව විශේෂඥයන් විසින් පළ කරනු ලබන අදහස සම්බන්ධයෙන් සාකච්ඡාව වන අතර මෙම වයස් කාණ්ඩ අතරින් මුලිල්ම එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න පිළිබඳව සහ එන්නත්කරණය ආරම්භ කරන දින වකවානු මෙනම් ලබා දෙන එන්නත් වර්ගය පිලබිඳවද අවදානයට ලක්වනු ඇතැවයි මෙම ප්‍රකාශකයා සඳහන් කෆල්ය.
මේ වනවිට වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයින්ට එන්නත් කිරීම ද මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර ඔවුන් අතරින් 36.2% කට පළමු එන්නත මාත්‍රාව ලැබී ඇති අතර 12.3% කට එන්නත් මාත්‍රාවන් දෙකම ලැබී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන පරිදි පුද්ගලයින් 13,553,534 ක් පළමු එන්නත මාත්‍රාව ලබා ඇති අතර පුද්ගලයින් 10,762,627 ක් දෙවන මාත්‍රාව ද ලබා ඇත.

Exit mobile version