දිනසේන රතුගමගේ
පාසල් යළි විවෘත කිරීමේ දී එහි සමස්ත වගකීම විදුහල්පතිවරුන් වෙත පමණක් පැවරීමට නිලධාරීන් පියවර ගැනීම බලවත් අසාධාරණයක් බව උතුරේ විදුහල්පතිවරු කියා සිටිති.
දැනට උතුරේ කලාප මට්ටමින් පවත්වා ඇති සාකච්චා වලදී නිලධාරීන් විදුහල්පතිවරුන්ට පවසා ඇත්තේ පාසල් යළි ආරම්භ කිරීමේ හා පවත්වා ගෙන යාමේ වගකීම විදුහල්පතිවරු විසින් දැරිය යුතු බව යැයි උතුරේ විදුහල්පතිවරු සදහන් කරයි.
පාසල් පවත්වා ගෙන යාමේදී සිසුන්ගේ ශරීර ඌෂ්ණත්වය මැනීම අත් සේදීමට ජලය සපයා දීම මුඛ වාඩම් කෙරෙහි අවධානය යොමු කිරීම මීටරයක් දුරට සිසුන් සිටින සේ පන්ති කාමර සකස් කිරීම සිදු කළ යුත්තේ විදුහල්පතිවරුන් විසින් යැයි නිලධාරීන් තමන්ට දැනුම් දී සිටි බව උතුරේ විදුහල්පතිවරු පෙන්වා දෙති.
නමුත් විදුහල්පතිවරුන්ට පමණක් මේ කාර්යයේ වගකීම බාර ගෙන කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන විදුහල්පතිවරු මේ සදහා විශාල වගකිව යුත්තන් පිරිසක් නියෝජනය වන පරිදි කමිටු සකස් කල යුතු බවද උතුරේ විදුහල්පතිවරු වැඩි දුරටත් කියා සිටිති.