පාසල් අරිනවාට ගුරු-දෙගුරු විරෝධය

බස්නාහිර පළාත හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට ගුරු සංගම් හා දෙමව්පියෝ දැඩි විරෝධය පළකරති.

රටපුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවක දරුවන් පාසල් වලට කැඳවීම ඉතා භයානක බව හා දැඩි අවදානම් සහගත පියවරක් බව ඔවුහු පවසති .

බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් විවෘත කිරීම සම්බන්ධව ලංකා සර කළ විමසුමකදී ලංකා ගුරු සංගමය සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ මෙලෙස පාසල් විවෘත කිරීම සම්බන්ධව ගුරු සංගම්වල කිසිදු අනුමැතියක් ලබා නැති බවයි.


මෙසේ ක්‍රමවේදයකට අනුව පාසල් විවෘත කලයුතුව තිබුණත් හෙට පාසල විවෘත වන්නේ කිසිදු සැලසුමකට අනුව නොවන බව හෙතෙම අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ දරුවන් සම්බන්ධව මෙවැනි තීරණ ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය මීට වඩා කල්පනාකාරීව පියවර ගත යුතු බවත් කිසිදු සැලසුමක් නොමැතිව හෙට පාසල් විවෘත කරනවාට තව සංගමය දැඩි ලෙස විරෝධය පළ කර සිටින බවත් ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version