රටේ පාසල් සිසුන්ගෙන් සියයට 54.9කට අධ්‍යාපනයට බලපෑම් ඇතිවෙලා.. මහබැංකුව කියයි!

ලලිත් චාමින්ද –

ආර්ථික  අර්බුදය හේතුවෙන් මෙරට වයස අවුරුදු 3-21ත්  අතර  පාසල් අධ්‍යාපනය ලබන පිරිසෙන්  සියයට 54.9කගේ පාසල් අධ්‍යාපනය සදහා  බලපැම්  ඇතිවි තිබෙන බැව් ශ්‍රිලංකා මහ බැංකුව විසින්  නිකුත්කොට ඇති නවතම  වාර්තාවක සඳහන් වේ.

ජනලේඛන  හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව මගින් සිදුකරණු ලැබු සමික්ෂණයක පතිඵල  උපුටා දක්වමින් මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ මේ බව   සඳහන් කොට ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගනිමින්  සිසුන් පාසල්  අධ්‍යාපනය හැර යාම, අවම කිරිම, මෙන්ම ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය සඳහා  යොමු කිරිමට රජය මගින් කටයුතු  කර ඇත.

කෙසේවුවද අධ්‍යාපන අංශය නැවත  සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත්  රටේ පැවති අර්බුද කාලසිමාව තුළ අධ්‍යාපන පද්ධතිය තුළ ඇතිවු  උග්‍ර විෂමතා සඳහා  තවමත් නිසි පිළියම් යොදා නොමැති  බවද මෙම වාර්තාවේ සඳහන් වේ.


අධ්‍යයන  වර්ෂයක් ප්‍රමාදවිමට  අදාළව දිගින් දිගටම විසඳුමක් නොමැතිවිම නිසා 11 හා 13 යන ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින්   විභාග සඳහා මුහුණ දිමට  එකම කාලය තුළ සිදුවි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා එම සිසුන්ට  තම පාසල් වලින් සම්පත් ලබා ගැනීමේදී  අවාසි සහගත   තත්ත්වයක්    නිර්මාණය වී තිබේ.

 

Exit mobile version