පාරේ ඉඳන් ඉගෙන ගත් කෙලින්කන්දේ දරුවන්ට 4G සිග්නල්

ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට 4G සංඥා නොලැබීම හේතුවෙන් බදුරලිය, කෙලින්කන්ද ප්‍රදේශයේ පාසල් දරුවන් දුරකථන සංඥා ඉතා දුර්වලව හෝ ලැබෙන මාර්ගය අයිනේ ගල් උඩ හිඳ අකුරු කරන පුවතක් විදුලි සංදේශ නියාමන කොමිසමට වාර්තා වී තිබේ.

මේ බව සොයාබැලීමට එහි කණ්ඩායමක් හදිසියේ පිටත් කර යවා ඇති අතර එහිදී දැකගන්නට ලැබී ඇත්තේ එය සැබෑවක් බවයි.

ඒ අනුව එම ප්‍රදේශය ආවරණය වන පරිදි 4G සම්බන්ධතාවය ලබාදීමට කැඳවනු ලැබූ ක්‍රියාකරුවන් කටයුතු කළ අතර සති 2 කින් එහි සංඥා තත්ත්වය සහතික කරන බවට විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලි සංදේශ නියාමන නිලධාරීන් කෙලින්කන්ද ප්‍රදේශයට ගිය අවස්ථාව

Exit mobile version