පාර්ලිමේන්තු වාර අවසානයත් සමග වෙන දේ… කෝප් කෝපා අතුළු කමිටු 70ක් අහෝසියි…

parliament of sri lanka

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න –

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී යන බව පාර්ලිමේන්තුව පවසයි.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාව ආරම්භ කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පිහිටුවා නව සාමාජිකයන් පත් කර එම කමිටු නැවතත් පිහිටුවිය යුතුව ඇත.

එසේම මෙතෙක් යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනාද වාර අවසාන කිරීමත් සමග අහෝසි වන අතර මන්ත්‍රීවරුන් ඒ ප්‍රශ්න සහ යෝජනා නැවතත් ඉදිරිපත් කරමින් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුව තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව , පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව , විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුව වාර අවසාන කළද අහෝසි නොවනු ඇත.


නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් ක්‍රියාත්මක විය.

නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භවූ අතර පාර්ලිමේන්තුව පසුගිය (27) වැනිදා වාර අවසාන කරන මොහොත වනවිට දින 58ක් රැස්ව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version