පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 08

චන්දයට එරෙහිව ගොනුකළ පෙත්සම් නිශ්ප්‍රභා වෙයි...

2020 පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තුම මස 08 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව සැලසුම් කර ඇත.

මේ පිළිබඳව නිල ප්‍රකාශය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් හෙට (03) කොමිසමේ සාමාජිකයන් සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණය සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නිශ්ප්‍රභා කිරීමෙන් අනතුරුව මහ මැතිවරණය අගෝස්තු මස 08 වැනි දින පැවැත්වීමට අදාල සැලසුම් ක්‍රියාවට නැන්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි මස 20 දා පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව තිබූ පෙත්සම් පංච පුද්ගල  විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම පුරා දින 10ක් තිස්සේ සිදුකිරීමෙන් පසු ඒ සියල්ල නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෘෘ, බුවනෙක අලුවිහාරෙ, යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් සලකා බලමින් පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවවල කරුණු විමසීම ඊයේ (01) දිනයේ අවසන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන තෙක් බලාසිටි මැතිවරණ කොමිසන් සභාව සහ මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අද සවස සිටම මැතිවරණ කටයුුතු වේගවත්ව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Exit mobile version