පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ක් නිරෝධායනයට

අගමැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්ටත් කොරෝනා

කොවිඩ් වෛරසය ආසාදනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකු නිරෝධායනය විය යුතු බවට හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන් අතරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ද විපක්ෂ මන්ත්‍රීවරුන් දසදෙනෙක් ද සිටින බව වාර්තා වන අතර තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක, ඒ සුමන්තිරන්, චාණක්‍ය රාසමාණික්‍කම්, ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් ද මෙම විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇතුළත් බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඇසුරු කළ ආශ්‍රිත යන්ද නිරෝදානය කිරීම සඳහා සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version