පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාරට පාදුක්කේදී බිත්තර ප්‍රහාරයක්

කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට අද පාදුක්කේදී බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එම සිදුවීම සිදුව ඇත්තේ පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී හටගත් සිදුවීමක් මුල් කරගෙන බවට වාර්තා වන අතර මන්ත්‍රිවරයා රැස්වීමෙන් පිටව යද්දී ඔහුගේ වාහනයට මෙසේ බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත.

පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිවරයා වන්නේ ජගත් කුමාර මහතා වන අතර අද (07) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමේදී ඔහු හා සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබේ.


හටගත් උණුසුම් ත්තත්වය මැද රැස්විම අතරමඟ නවතා යන්නට යද්දී ඔහුට මෙසේ බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර ඔහු වාහනයට නැග ඇත්තේද පොලිස් ආරක්ෂාව මැද බව වාර්තා වේ.

Exit mobile version