පාර්ලිමේන්තුව නම් විසුරුවන්න එපා… මුලින් ජනාධිපතිවරණය තියන්න – පොහොට්ටුව ජනපතිට කියයි!

පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් පවත්වන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන මාර්තුවෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බලය ජනාධිපතිවරයා වෙත ලැබේ.

ඒ අවස්ථාව උපයෝගී කරගෙන කිසිලෙසකින්වත්  පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත්, එසේ විසුරවනු ලැබුවහොත්   දේශපාලනික වශයෙන් ආණ්ඩුව බරපතල අර්බුදයකට පත්වනු ඇති බවත්  එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට දන්වා තිබේ.

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වන ලෙසත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා කවරෙක් වුවත් කමක් නැති බවත් එම මන්ත්‍රීවරු පවසා ඇත.


මේ අතර එක්සත් ජාතික පක්ෂය  සහ පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් සංවිධාන කටයුතු සහ  දැනුම්වත්කිරීම්  ආරම්භකර තිබේ.

එම සංවිදාන කටයුතු  පොදුජන පෙරමුණ පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂත් එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් රනිල් වික්‍රමසිංහත් ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඉදිරි මැතිවරණවල දි මේ දෙපාර්ශවය ඒකාබද්ධ සංධානයක් යටතේ තරග වැදීම සඳහා මේ වනවිටත් නොනිල එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

Exit mobile version