පාර්ලිමේන්තුවේදී කථානායක සහ මන්ත්‍රීවරුන් දිවුරුවේ මොකක්ද?

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ආරම්භ වූ අතර, එහිදී කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද දිවුරුම පහත දැක්වේ.

“මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකාවේ දේශය තුළ, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටතදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දිවූරුම ප්‍රකාශයට පත්කොට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම තම නම සහ අත්සන සහිත ලේඛනය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දීම සිදුකෙරිණි.


Exit mobile version