පාරවල් නොහදා ප්‍රමාද කරන කොන්ත්‍රාත්කරුවන්ට වෙන්න යන දේ

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ගවල වැඩ ආරම්භ නොකර සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් වහාම අවලංගු කිරිම සදහා අවශ්‍ය නීතිමය හැකියාවන් පවතී දැයි සොයාබලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දී තිබේ.

ටෙන්ඩර් පටිපාටියට අනුකුලව මහාමාර්ග හා මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ග ඉදිකිරිම ආරම්භ නොකර ප්‍රමාද කරමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් වහාම අවලංගු කිරිම සදහා අවශ්‍ය නීතිමය හැකියාවන් පිළිබදව කඩිනමින් තමන් වෙත දන්වන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

විවිධ ප්‍රදේශවලින් මහජනතාව මෙන්ම විවිධ සංවිධාන හා සමිතිවලින් මහාමාර්ගවල වැඩ ආරම්භ නොකල කොන්ත්‍රාත්කරුවන් ගැන මේ වන විටත් පැමිණිලි රාශියක් අමාත්‍යවරයා වෙත ලැබී තිබේ.


ව්‍යාපෘති ප්‍රමාද කිරීමෙන් වැඩිපුර ගාස්තු පවා ගෙවීමට සිදුවන අතර නාස්ති වන්නේ මහජන මුදල් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙසේ මහජන මුදල් නාස්ති කරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව පොදු දේපල යටතේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබදවද සොයා බලන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2024 වර්ෂය අවසන් වන විට රටපුරා ව්‍යාප්ත වී තිබෙන කිලෝ මීටර් ලක්ෂයක ප්‍රධාන මාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග යනාදී සියලු මාර්ග වල සංවර්ධන කටයුතු අවසන් කර ඒවා ජාතික මාර්ග පද්ධතියට එක් කිරිම ජනාධිපතිවරයාගේ අභිලාෂය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Exit mobile version