පාන් ගෙඩියක් රුපියල් 100 දක්වා අඩුකිරීමට බලාපොරොත්තු වෙනවා… ඊට ආණ්ඩුවේ සහය අවශ්‍යයයි!  – බේකරි හිමියෝ කියති…

පාන් බනිස් මිල වැඩිවීම නිසා අලෙවිය සියයට 30කින් වැටිලා... ව්‍යාපාර කරගන්න බැරිව බේකරි 7000න් 5000ක් වැහිලා...

කීර්ති ප්‍රනාන්දු –

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැති අතර අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ .ජයවර්ධන   පවසයි .

මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත්  දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු කීය  .

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170 සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව පවසන සභාපතිවරයා එම මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් දරාගන්නට නොහැකි බවත් එම නිසාම පාන් බනිස් අලෙවිය  සියයට 20ත් 25 ත් අතර ප්‍රමාණයකින් මේ වන විට අඩු වී ඇතැයි ද පැවැසීය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් වන අතර මෙය බේකරි කර්මාන්තය බිඳ වැටීමට හේතු වී ඇති බවත් එහෙත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා එම බර බේකරි හිමියන්ට ඉතා අපහසුවෙන් දරාගැනීමට සිදුවී ඇති අතර බේකරි කර්මාන්තයට බලපාන විවිධ ගැටලු නිසා 7000 ක්  පමණ වන බේකරි වලින් 5000 කටත් වඩා වැසී ගොස් ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.


 

Exit mobile version