පාදෙනියට කොවිඩ් නෑ… හරිත අලුත්ගේ කියයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට ඊයේ (14) රාත්‍රියේදී සිදුකළ ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ  සඳහන් කරයි.

මේ අනුව   අද (15) දහවල්  වන විට ඔහුගේ පීසීආර් පරික්ෂණ වාර්තාව නිකුත්වීමට නියමිත යැයිද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය පාදෙනිය මහතාගේ ආශ්‍රිතයෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බැවින් වෛද්‍ය පාදෙනියද සිය නිවසේ ඊයේ (14) සිට ස්වයංනිරෝධායනයට ලක්වෙමින් සිටියි.


Exit mobile version