පාදෙණිය ආහෝසියි… රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතුරු පාලක මණ්ඩලයක් අතට!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වර්තමාන නිල මඩුල්ල වෙනුවට එහි පාලනය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලෙසත් යළි නාම යෝජනා කැඳවා ස්වාධීන නිලවරණ නිරීක්ෂණ කණ්ඩායමක් හරහා නව නිලවරණයක් පවත්වන ලෙසත් මොරටුව දිසා අධිකරණය ඊයේ (22) අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය ලබා දුන් විනිසුරුවරයා නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ වෛද්‍ය ජයරුවන් බන්ඩාරට යළි නාම යෝජනා ලබා දීමට ද අවස්ථාව ලබා දෙන ලෙස නියෝග කර ඇත.

ඊයේ (22) ලද අධිකරණ නියෝගය ලබන සඳුදා වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබා දීමට නියමිත වන අතර මෙම නියෝගය අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු වර්තමාන රජයේ වෛද්‍ය නිලධාරීන් සංගයේ නිල මඩුල්ල බල රහිත වේ. මෙම අධිකරණ නියෝගයට අනුව වසර පහක් පුරා අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති ධුරයේ සිටි වෛද්‍ය පාදෙණියට මෙම සභාපති ධුරය අහිමි වීමට නියමිතය.


Exit mobile version