පාදෙණිය අනුරාධපුර පාරේ මාරක රිය අනතුරක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාදෙණිය අනුරාධපුර මාරගයේ බලගොල්ලාගම ප්‍රදේශයේ දි මීට ස්වල්ප වෙලාවකට පෙර මාරක  රිය අනතුරක් සිදුවී තිබේ. අනතුරින් ඒ සථානයේම පුද්ගලයෙක් මිය ගොස් ඇත.

පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටි කැබ් රථයක් සහ යතුරු පැදියක් ද, අනුරාධපුර සිට කුරුණෑගල දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් ද එකට ගැටී මේ අනතුර සිදුව ඇත.

කැබ් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, කැබ් රථයේ පැමිණි තවත් පුද්ගලයෙකු ගේ තත්වය අසාධ්‍ය බවත්  තුවාලකරුවන් මේ වන විට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසය කියයි .


වැඩිදුර පරීක්ෂණ මහව පොලිසියේ රථ වාහන අංශය මඟින් සිදු කෙරෙ.

Exit mobile version