පාතාල අවි ගබඩාවක් හෝමාගම මොරහේනෙන් අල්ලයි…

ටී.81 ගිනි අවියයි. ටී 56 11යි. කොස්ගොඩ තාකරට අවි අයත් බව කියයි.

හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පිහිටි ගොඩනැගිල්ලක තිබූ පාතාල අවි ගබඩාවක් ලෙිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) සොයා ගත්තේය. එම ගබඩාවේ තැන්පත් කර තිබූ ටී81 වර්ගයේ ගිනිඅවියක් සහ ටී56 වර්ගයේ ගිනිඅවි 11ක්  මෙම වැටලීමේ දී පොලිස් භාරයට පත් විය.

අවි  ගබඩාව පවත්වාගෙන ගිය  ගොඩනැගිල්ල ඉලෙක්ට්‍රොනික් බඩු සහ ගෘහභාණ්ඩ අලෙවි කරන, මෙරට ප්‍රධාන පෙළේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක දෙවැනි ප්‍රධාන නියෝජිතයා ලෙස ප්‍රකට ආයතනයකට හිමි එකකි.

ගබඩාවේ පැවති ගිනි අවි පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ තාරකට සහ ඔහු සමග මේ වනවිට බන්ධනාගාරගතව සිටින ඔහුගේ ගෝලයෙක් වන ගගන නමැත්තාට අයත් බවට තොරතුරු විශේෂ කාර්‍ය බළකායට ලැබී ඇත.


පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු තොග රැගෙන එන අතරතුර මෙම ගිනි අවි විටින් විට රැගෙන පැමිණ ඇති බවට විශේෂ කාර්‍ය බළකාය සැක කරයි. මේ පිළිබඳ කියැවෙන තවත් ආංචිමාර්ගවලට අනුව වෙනත් පාතාල කණ්ඩායම්වලින් හා හමුදාවෙන් පැන ආ සෙබලුන්ගෙන් මෙම ගිනි අවි මිලදී ගෙන එක් රැස් කළ බව කියැවේ.

කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් වන පොට්ට කපිල නමැත්තාව විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම අවි ගබඩාව ගැන  තොරතුරු අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර නිලේකා ජුවලරි කොල්ලයට  පොට්ට කපිල නමැත්තා ද තාරකත් සමග ගොස් ඇති අතර එම අපරාධයට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට දැන් ඇපමත නිදහස්ව සිටින බව පොලිසිය අනාරවණය කළේය.

 

Exit mobile version