පාකිස්ථාන හමුදා බලුකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝණය කරයි

පාකිස්ථාන හමුදා අංශ විසින් එරට බලුකිස්තානයේ කච්චි දිස්ත්‍රික්කයේ බොලාන් ප්‍රදේශයේ බලුකිස්ථාන විමුක්ති හමුදාවේ සමාජිකයින් ඉලකකර දියත්කර ඇති විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල විී තිබේ.

එහිදී පාකිස්ථන හමුදාව විසින් බලුකිස්ථානයේ වැසින්ට දැඩි ලෙස අඩත්තේට්ටම් කරනු ලබන බවටද චෝදනා රැසක් එල්ල වී ඇති අතර එමගින් සිවිල් වැසියන්ගේ මානව හිමිකම් බරපතල ලෙස කඩවී ඇති බවටද චෝදනා එල්ල වේ.

මෙම චෝදනා අතරට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ප්‍රාදේශීය බලුච් ජනගහනය භෞතික වශයෙන් බිය ගැන්වීමේ සිද්ධීන්ද වාර්තා වේ.


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ මාධ්‍ය අයතන වාර්තා කිරීමක් නොකරන බවටද අනාවරණය වන අතර ඊට හේතුව පාකිස්ථාන රජය විසින් එම මාධ්‍ය ආයතන වලට අදාල සිදුවීම් වාර්තා කිරීමෙන් වැලකී සිටින ලෙසට දැණුම් දීම බවටද වාර්තාවේ.

ඒ අනුව බොලාන් කලාපයේ නිරායුධ බලුච් වැසියන්ට එරෙහිව පකිස්තාන හමුදාව විසින් සිදුකරන ලබන අඩත්තේට්ටම් පිළිබඳවට පාකිස්ථා සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලද ඉතා සීමිත තොරතුරු පමණක් වාර්තා වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම් සමඟ මේවන විට බලුකිස්තානයට බලපෑ දැරණු ගංවතුරෙන් දැඩි ආහාර හා ජල හිඟයකට මුහුණ දී සිටින ප්‍රදේශවාසීන් දැඩි ලෙස අපහසුතාවයට පත්වඇති බවටද අනාවරණය වේ.

මෙහිදී පාකිස්ථාන හමුදා විසින් කාන්තාවන්ට සහ ළමුන්ටද දැඩි ලෙස හිංසා පමුණුවන බවත් ඔවුන් දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්කරන බවටද වාර්තා වන අතර එහිදී ඔවුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බවටද වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි තත්ත්වයක් පැවතියද පාකිස්ථාන රජය විසින් දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් සිය දැඩි කණස්සලද ප්‍රකාශයට පත්කර ඇත.

Exit mobile version