පාකිස්ථානයේ නව පන්ජාබ් මහ ඇමතිට විරුද්ධව රට පුරා විරෝධතා

Hamza Shahbaz

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස තේරී පත්වූ හමාස් ශබාස් හට එරෙහිව පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇත. පාක්ස්ථාන මුස්ලීම් ලිගය- නවාස් පක්ෂයෙන් තරඟ කළ ශබාස් පන්ජාබ් මහ ඇමති ලෙස තේරී පත්වීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාරය හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂ විසින් සංවිධානය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම විරෝධතා කරච්චි, ලාහෝර් ඇතුළු ප්‍රධාන නගර රැසක පැවති අතර ඊට විශාල පිරිසක් එක්ව ඇති අතර ඔවුන් නව ජන්ජාබ් මහ ඇමතිවරයාට එරෙහිව ඉතා උද්වේගකාරී විරෝධතා පාඨ ප්‍රකාශ කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙත් ශබාස් ඉකුත් සෙනසුරාදා දිනයේදී නව පන්ජාබ් මහ ඇමතිවරයා ලෙස දිව්රුම් දී ඇත.

මහ ඇමති තේරීමේ ඡන්දයේදී පාකිස්ථාන මන්ත්‍රන සභාවේ නියෝජ්‍ය කතානායකයා විසින් එරට පී.එම්.එල්.- කිව් පක්ෂයේ ඡන්ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙලෙස ඡන්ද ප්‍රතික්ෂේප කිරීම මගින් පන්ජාබ් නව මහ ඇමති තේරීම ඉතා වංචනිකව සිදුව ඇති බවට ඉම්රාන් ඛාන් චෝදනා කරයි.


එහිදී ඛාන් පවසා ඇත්තේ මෙය ඡන්ද වංචාවක් බවත් එමගින් පාකිස්තාන වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතවාසීකම් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ, “මට දැන් වයස අවුරුදු 72ක් මම මගේ කාලයේදී හැම සාක්ඡාවකටම සහභාගී වෙනවා. ඒ අනුව කුවරුන් හෝ අවංකව කටයුතු කරනවා නම් ඒ තැනැත්තා මාත් එක්ක සිටගන්නවා. මම ඇත්තටම පන්ජාබ් හී සිදුවන දේ ගැන ඉතාම කණගාටු වෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මෙහිදී සොරාගෙන තිබෙනවා.” යනුවෙනි.

Exit mobile version