පාකිස්ථානයත් ණය අර්බුදයක?

පාකිස්ථනයට උග්‍ර ආර්ථික අර්බුදයක පෙරනිමිති පළකරමින් එරට වර්ථමාන මූල්‍ය වර්ෂයේ ජංගම ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙම හිඟය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7ක් දක්වා ඉහළ අගයක් දක්වා වර්ධනය වී ඇති බව පාකිස්ථාන මධ්‍යම බැංකුව අනාවරණය කරයි.

ආර්ථික විද්‍යාවට අනුව රටක භාණ්ඩ හා සේවා ආනයනය සහ අපනයන ජංගම ගිණුමේ සටහන් වන අතර කිසියම් රටක අපනයනය වටිනාකම ඉක්මවා ආනයනය කිරීමේදී ජංගම ගිණුමේ හිඟයක් නිර්මාණය වේ.


ඒ අනුව පසුගිය කාලය පුරාවට පාකිස්ථානය විශාල වශයෙන් ආනයන කිරීම මඟින් මෙම තත්ත්වය නිර්මාණ්‍ය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව ඇති අතර එය පාකිස්ථාන ආර්ථිකය යලි සවිබල ගැන්වීමට විශාල අභියෝගයක් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයකට පාකිස්ථානයට මුහුණ දීමට සිදුවනු ඇත.

Exit mobile version