පාකිස්ථානයේ හිම කුණාටුවකට හසුවී 21ක් මරුට – ඇතමෙක් වාහන තුළ මරණට පත්වෙති!

පාකිස්ථනයේ ඊසාන දෙසින් පිහිටි මරී නගරයට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වක් හේතුවෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලියන් ඇතුලු පුද්ගලයින් 21 දෙනෙකු අධික සීතට හසුවී මරණයට පත්ව තිබේ.

පසුගිය දින කිහිපය පුරා මරී නගරයට ඇදහැලුනු හිම දැක බලගනාගැනීමට සිත අන්තතයේ විශාල පිරිසක් පැමිණීමත් සමඟ දැඩි මර්ග තදබදයක් ඇතිව තිබෙන අවස්ථාවක මෙම හිම කුණාටු තත්ත්වය හටගෙන ඇත.

ඒ අනුව මාර්ගයේ මොර්රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් සිරව ඇති අතර අඩි තුනක් පමණ උසක් දක්වා පතිත වූ හිම වලට මැදිවූ මගීන් අධික සීතලට හසුව තිබේ.


මෙලෙස අධික සීතලට හසුවූවන් සිය මොර් රථ තුලම මරණයට පත්ව ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අධික සීතලේ මොර්රථ වල සිරව සිටින ජනයා මුදා ගැනීමට පාකිස්ථාන හමුදා භට කණ්ඩායම්ද එම ප්‍රදේශයට මේවන විටත් ගොස් ඇති අතර දැඩි අවදානම්කාරී තත්ත්වයක සිටි විශාල පිරිසක් මුදා ගැනීමටද භට පිරිස් සමත්ව ඇති බව පාකිස්ථාන බලධාරීණ් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමටද ඉඩ ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version