පාකිස්තාන රෝහලක ශල්‍යාගාරයක විදුලි විසින්දි වීමක් ගැන විමර්ශනයක්

පාකිස්තානයේ ශ්‍රී ගංගාරාම් රෝහලේ කළමානාකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් එම රෝහලේ ශල්‍යාගාරවල දින කීපයක් විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරුන් සහ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තාවේ.

අදාල විදුලි විසන්දිවීම වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් සිදු කරමින් සිටියදී සිදුවී ඇති අතර, එම සැත්කම් සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට හට විදුලි පන්දම සහ වෙනත් ක්‍රම භාවිත කිරීමට සිදු වී ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

අදාල අවස්ථාවේදී ශල්‍ය වෛද්‍යවරුන් අඳුරේ ශල්‍යකර්මයක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රචාරය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාකිස්තානය තුල දැඩි කතාබහක්ද ඇතිව තිබිණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගෙන් කඩිනම් වර්තාවක්ද කැදවීමට පාකිස්ථාන සෞඛ්‍ය බලධරීන් පියවර ගෙන තිබේ.


ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය සොයා බැලීමටත් ඊට කඩිනමින් විසදුම් ලබාදීමටත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් අදාල රෝහල වෙත යොමු කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබිණි. පාකිස්තාන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාල කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක්ද සපයන ලෙසයි.

දැනට වාර්තා වන අන්දමට රෝහල් කලමනාකාරිත්වයේ පැවති නොසලිකිමත් බව හේතුවෙන් මෙලෙස විදුලිය විසින්දි වීමක් සිදුව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පාකිස්තානය මේවන විට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එහිදී සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එරට දෛනියක කටයුතු රැසකට භාදා සිදිවු තිබේ.

Exit mobile version