පාකිස්තානයේ කරච්චි නුවර ආරක්ෂක මුරපොලක් වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
අදාල අත් බෝම්බය එල්ල කළ පුද්ගලයා පසුව එම ස්ථානයෙන් පළාගොස් ඇති බවට වාර්තා වන අතර පොලිසය සඳහන් කර අන්දමට අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානයක් වාර්තා වී නොමැත. බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් සිට ඇති අතර ප්‍රහාරයෙන් පසුව වහාම බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පැමිණ ඇති බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව සිද්ධය වූ ස්ථායට පැමිනි ත්‍රස්ත මර්ධනය ඒකකය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් එම ස්ථානය මුද්‍රා තැබීමට පියවරගෙන තිබිණි. මීට පෙර නසීරාබාද් හී දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසකටද අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම සිද්ධයට මීට සමාන ස්වරූපයක් ගෙන තිබිණි. එමෙන්ම කරච්චි නුවර මීට පෙර පොලිස් නිලධාරීන් ඉල්ල කර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධරීන් දෙදෙනෙකුට ජීවිත අහිමිවිය.
මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී එම ප්‍රහාර අතර යම් සම්බන්ධයක් පවතින්නේද යන්න සොයා බැලීමටද පියවර ගෙන ඇති බවට පාකිස්තාන මාධ්‍ය වර්තා කරයි.
මීට පෙරද අවස්ථා රැසකදී පාකිස්ථාන පොලිස් නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වූ අතර එහිදී නිලධාරීන් විශාල පිරිසකට එම ප්‍රහාර වලින් ජීවිත අහිමිවිය.