ප්‍රායෝගික හෙද පුහුණුව  අවසන් නොකළ හෙද හෙදියන්  2600ක් කොවිඩ් සත්කාර සේවයට…

nurse

ප්‍රායෝගික පුහුණුව අවසන් නොකළ හෙද හෙදියන් 2600ක් දෙනා කොවිඩ් රෝගී සත්කාර සේවාවන් සදහා යෙදවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තිරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

වසර 2017 හෙද පුහුණුව සඳහා බදවා ගත් මෙම පිරිසට කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක කාලයක් අධ්‍යාපනය ලබා දිමට සිදුව ඇත්තේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය භාවිත කරමින් යැයිද මොවුන්ට ප්‍රායෝගික පුහුණුවක් කිසිම විටක ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද සංගමයේ ලේකම් එස් මැදිවත්ත  පෙන්වාදේ.

මෙම සිසුන්ට ලබන නොවැම්බර් මාසයේදී පුහුණුව නිමකිරිමට තිබෙන නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය භාවිත කරමින් ලබන සැප්තැම්බර් 15 වන දින විභාගයක් පවත්වා ඊට පසුවදාම කොවිඩ් රෝහල් වෙත අනුයුක්ත කිරීමට තීරණය කර ඇතැයි ඔහු සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගියෙකුට එන්නත් ලබාදීම, කැනියුලාවක් දැමිම, සේලයින් එකක් දීම , රුධිර පරික්ෂාවට රුධිරය ලබා ගැනීම වැනි කිසිම ප්‍රායෝගික පුහුණුවක් නොමැති හෙද සිසුන් පිරිසක් මෙසේ රෝහල් සේවාව එකතු කර ගැනීම ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම ඔවුන්ගෙන් සේවාව ලබන රෝගීන්ගේ ජීවිතද දැඩි අනතුරකට හෙලීමක් යැයි ලේකම්වරයා පෙන්වාදේ.

Exit mobile version