ප්‍රහාරයකින් තුවාල ලැබූ පාලිත තෙවරප්පෙරුම රෝහලට

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මහමැතිවරණ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට අද (22) සවස කිසියම් කණ්ඩායමක් විසින් කරන ලද පහරදීමකින් රෝහල් ගත කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ පාර්ශ්වය චෝදනා කරන්නේ ප්‍රහාරකයන් ප්‍රතිවාදී කඳවුරකට සම්බන්ධ බවයි.

මෙම සිද්ධියෙන් තෙවරප්පෙරුම මහතාගේ වම් පාදයට තුවාල සිදුවී ඇති අතර ඔහු නාගොඩ රෝහලේ ශල්‍යකර්මයකටද භාජනය කර ඇතැයි වාර්තා වේ.


තෙවරප්පෙරුම මහතාට පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බව මතුගම පොලිසිය තහවුරු කළේය.

මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පානීය ජල ව්‍යාපෘතියක් පරීක්ෂා කිරීම සඳහා හිටපු ඇමතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු ගොස් ඇත.

එහිදී තෙවරප්පෙරුම මහතා සහ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් අතර මතභේදයක් පැවති අතර එහි සිටි පිරිසක් හිටපු ඇමතිවරයාට පහර දීම හේතුවෙන් ඔහු එම ස්ථානයේ කාණුවකට වැටී ඇත.

මීට පෙර අවස්ථාවකදී අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් ඇති අතර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් හා කම්කරුවන් සමඟ ද එවැනිම වාදයක් ඇති කර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මතුගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Exit mobile version