ප්‍රසන්න රණතුංග ඉඩම් කොල්ලයක… පුරවැසි කාන්තාවක් මාධ්‍යය ඉදිරියේ දත්ත සහිතව හෙළිකරයි!

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  සිය දේශපාලන බලය අවභාවිත කරමින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් තලවතුගොඩ නගරයේ පෙරේරා මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් බලහත්කාරයෙන් ව්‍යාජ ඔප්පු භාවිත කරමින් අත්පත් කරගෙන සිටින බවට යාබද ඉඩම හිමි රජීවී ද සිල්වා   චෝදනා කරයි.

රජිවී ද සිල්වා

ඇය පෙන්වා දෙන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳ වන මොරීන් රණතුංගගේ නමට 2004 දී මෙම ව්‍යාජ ඔප්පුව සකසා ඉඩම අත්පත් කරගෙන ඇති බවත් එහි නාගරික සංවර්ධන අධිකාරියේ පුවරු ගලවා ඉවත් කොට ඉදිකිරීමක් ද කර ඇති බවත්ය.

එමෙන්ම එම ස්ථානයේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුරපොලක්, සිවිල් ඇඳුමින් සිටින ඇමති ආරක්ෂකයන් ද ඇතුළුව 4 දෙනකු පමණ යොදවා සිටින බවත් අමාත්‍යවරයාගේ නිල නිවසක් නොවන මෙම ස්ථානයේ ඔවුන් රාජකාරි කරන්නේ කෙසේද යන්නත්  ඇය ප්‍රශ්න කර සිටී.


එම ඉඩම ආශ්‍රිත මාර්ගයේ ද කොටසක් අල්ලාගෙන ඇතිවාක් මෙන්ම එම ස්ථානයේ විදුලි කණුවකින් විදුලිය ඇද සිය පෞද්ගලික විදුලි මෝටර් රථය චාර්ජ් කරගැනීම ද ඔවුන් විසින් සිදුකරන බවට  ඇය චෝදනා කරයි.


මින් පෙර ඇය මේ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ වීඩියෝව…

කෙසේවෙතත් වසර 8 1/2ක් තිස්සේ දේශපාලන බලය යොදාගනිමින් එම මාවතේ පදිංචිකරුවන්ට අවහිර හිරිහැර සිදුවන අයුරින් ඔවුන් දිගින් දිගටම කටයුතු කරන බවට ද ඇය චෝදනා කර සිටී. එබැවින් මීට පෙර ඇය මේ පිළිබඳ නඩුවක් ගොනුකළ නමුත් අමාත්‍යවරයාගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අවසානයේ උසාවියට දන්වා තිබුණේ ඉඩමෙන් පෞද්ගලික දෑ ඉවත් කරගෙන යළි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති බවය.

එහෙත් රජීවි  ද සිල්වා පවසන්නේ ඊයේ වනවිටත් අමාත්‍යවරයාගේ බලය අවභාවිත කරමින් ඇමති ආරක්ෂකයින්, පොලිස් නිලධාරීන් එම ස්ථානයේ යොදවාගෙන, සිය පෞද්ගලික රථය ද ජනතාව බිල් ගෙවන විදුලියෙන්   ආරෝපණය කරමින් මෙලෙස නීති උල්ලංගනය කිරීම් ගණනාවක් කරමින් සිටින අතර එක රටක් එක නීතියක් සංකල්පයට යන්නට හදන රටක දේශපාලකයාට එක නීතියකුත් ජනතාවට තව නීතියකුත් රටේ ක්‍රියාත්මක වන බවය.

එම ඉඩම ගොඩකර ඇති එකක් බවත් දේශපාලකයන්ට ඉඩම් ගොඩකර දිය හැකි නම් රටේ සියලුම එවැනි ඉඩම් ගොඩකර දුප්පත් ජනතාවට නිවාස සාදාදෙන ලෙසත් මෙම ප්‍රශ්නගත ඉඩම ඇති මාර්ගයේ තමාට අයිති නිවාස දෙකම විකුණා එම ඉඩම්වල අසරණ ජනනතාවට නිවාස සාදාදීමට එම මුදලම යෙදවීමට තමා කැමති බවත් ඇය අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට පැමිණ රජීවි ද සිල්වා   ඊට අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කරමින් කරන ලද සාකච්ඡාව පහත දැක්වේ.

Exit mobile version