ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව ඉල්ලා අස්වෙයි

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා තම තනතුරින් ඉල්ලා අස්වී ඇති  බව රජයේ ආරචි මාර්ග සඳහන් කරයි.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ අතර ඔහු එම තනතුරට පත් කළේ  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. ඒ හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ   තනතුරින් ඉවත් කොට මහින්ද රාජපක්ෂ  අගමැති ධුරයට පත් කිරීමෙන් අනතුරුවය. ඒ වනවනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නාලක කළුවැව   කලකට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු ලෙසින්ද කටයුතු කළේය.

නාලක කළුවැව  නව රජය පත්වීමෙන් පසුව ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ අතර ඔහු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලන අධිකාරිය සමඟ කලක සිට විවිධ මතභේදාත්මක තත්ත්ව පැවති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  ඔහු දක්ෂ පරිපාලකයෙක් හා කැපවීමෙන් සිය සේවය කළ, පරිපාලන සේවයේ ඉහළ සුදුසුකම් සැපිරූ නිලධාරියෙක් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඔහුගේ අස්වීම සම්බන්ධයෙන් විමසීමට නාලක කළුවැව මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය.

Exit mobile version