ප්‍රධාන සැපයුම් මාර්ග දෙකම බිඳ වැටේ… මහනුවර ඉන්ධන හිඟයක?

නුවරට අත්‍යාවශ්‍ය සේවා සැපයුම් කරන ප්‍රධාන මාර්ග දෙක වූ උඩරට දුම්රිය මාර්ගය හා කොළඹ නුවර පාර වසා දමා තිබීම නිසා  පැණිදෙනිය ඉන්ධන තොග ගබඩාවට ඉන්ධන ප්‍රවාහනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීමෙන් මහනුවර ඉන්ධන හිගතාවයක් ඇති වීමට ඉඩක් ඇති බව වාර්තා වේ.

නුවරට අත්‍යවශ්‍ය සේවා සැපයුම් කරන ප්‍රධාන මාර්ග දෙකම බිඳ වැටීම නිසා මෙම ඉන්ධන හිගයක් ඇති බවට ඉන්ධන පිරවුම්හල් පරික්ෂකවරු පවසති.

පැණිදෙනිය ඉන්ධන තොග ගබඩාවෙන් මහනුවර මාතලේ සහ මහියංගණය යන ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන බෙදා හරිනු ලබන අතර එම තොග ගබඩාවට ප්‍රධානතම ඉන්ධන සැපයුම් මාර්ගය වන්නේ දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනයයි . දුම්රිය මාර්ගය යථාවත් වීමට ලබන සඳුදාවත් වනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික විජේසුන්දර පැවසුවේය.


ඉන්ධන ප්‍රවාහනයේ දී බාධා ඇතිව තිබුණත් පැණි දෙණිය තොග ගබඩාව මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු දැනටත් සිදු කරන බවද ඔවුහු පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව ඉන්ධන හිගයකින් තොරව ලබා දීම සදහා ලීටර 33000 ඉන්ධන ප්‍රවාහන බවුසර යොදාගනිමින් කුරුණෑගල මාර්ගය ඔස්සේ මනුවරට ඉන්ධන ප්‍රවාහනය මේ වනවිට සිදුකරන බවද ඔවුහු කියා සිටියහ

Exit mobile version