මෙරට කාර්යබහුලතම PCR පරික්ෂා කරන යන්ත්රයක් අක්රිය වී තිබේ.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපති ශවෙන්ද්ර සිල්වා මහතා පැවසුවේ පසුගිය දින 20 ක කාලය තුළ පැය 24 පුරාම අඛණ්ඩව එය ක්රියාත්මක වූ බැවින් මෙලෙස අක්රිය වන්නට ඇති බවයි.
එය යථාතත්ත්වයට පත්කිරීමට තාක්ෂණික ශිල්පීහු පිරිසක් මහත් පරිශ්රමයක් දරමින් සිටිති.
එය මෙතෙක් යලි සැකසිය නොහැකි වූ බැවින් චීනයෙන් කාර්මික ශිල්පියෙක් ගෙන්වීමට සිදුවන බවත් රාජ තාන්ත්රික මට්ටමෙන් කටයුතු කොට හෙට වන විට ඔහු ගෙන්වා ගැනීමට ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවත් හෙතෙම කීය.
එලෙස ගෙන්වන කාර්මික ශිල්පියා නිරෝධායන නීතිරීතිවලට යටත් කොට යන්ත්රයේ කටයුතු සිදුකිරීමට නියමිතය.