ප්‍රකට ව්‍යාපාරික  ගුලාම් හුසේන්  ඝාතනයට සැකපිට බාල පුතා අත්අඩංගුවට ගත් පසු හෙළිවන කතාව  

Ali-Gulam-Husen

අලි ගුලාම්හුසේන්

ප්‍රධාන පෙළේ  අපනයන සමාගමක් වන ආදම් එක්ස්පෝ අතුළු  සමාගම් රැසක සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරිකයකු වන  ෂබීර් අබ්බාස් ගුලාම් හුසේන්ගේ ගේ මරණය සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ බාල පුත්‍රයා  අලි ගුලාම්හුසේන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12)  අත්අඩංගුවට ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව  කී ඒ කතාවේ අතීතය සොය යන්නට වටින්නේය.

2017 ජුනි 9 වන දින ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේදී මිය ගියේය.  ගුලාම් හුසේන්ගේ මරණය ස්වාභාවික මරණයක් ලෙසින් අවසන් කටයුතු සිදු කෙරිනි.


එහෙත් 2018 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට   පැමිණිල්ලක් ලැබුණේ මේ මරණය ස්වභාවික මරණයක් නොව, සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බව කියමිනි. සාධාරණ පදනමක් සහිතව ඉදිරිපත් වූ ඒ පැමිණිල්ල මත   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. සිද්ධිය විමර්ශනයේ මූලික අදියරේ දීම මෙය සැකකටයුතු මරණයක් බව පරීක්ෂකයන්  අනාවරණය කරගත්තේය.

වර්ෂ 2019 දී ව්‍යාපාරික ගුලාම්හුසේන්ගේ දේහය ගොඩගත්තේය.  ඔහුගේ දේහය යළිත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා යොමු කෙරිනි.   සියුම් විමර්ශනයක් කෙරිනි.    ඔහුගේ ශරීරයේ හකු වල අස්ථි බිඳීමක් සහ වම් පැත්තේ ඉළ ඇටයක් බිඳී ඇති බව විශේෂඥයෝ නිරීක්ෂණය කළහ. අවසන් විශේෂඥ නිගමනය වූයේ ගුලාම් හුසේන්ගේ  මරණය සිදු වී ඇත්තේ මොට ආයුධයකින් සිදු කරන ලද පහර දීමක්  හේතුවෙන් බවය.   ටයි පටියකින් ගෙල සිර කිරීමක් සිදුව ඇති බවත් අනාවරණය විය.

දැන් අපරාධ පරීක්ෂකයන් ඉදිරියේ තිබුණේ ස්වභාවික මරණයක් නොව, මනුෂ්‍ය ඝාතනය නිමිතිය.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ 37 හැවිරිදි බාල පුත්‍රයා වූ අලි ගුලාම්හුසේන් අත්අඩංගුවට ගත්තේය.

ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සියුම් ලෙස සැලසුම් කර සිදුකළ ආකාරය හෙළි විය. අවමංගල්‍ය කටයුතු ස්වාභාවික මරණයක් සේ පෙනෙන අයුරින් සිදු කළ  ආකාරය සැකකරුම කීවේය. මේ මොහොත වනවිටත් පරීක්ෂණ සිදුවෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අපරාධය සිදුකර තිබුණේ දේපළ සන්තක කරගැනීමේ අභිලාෂයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරන්නේය.

Exit mobile version