ප්‍රංශ නැවියෝ කෝටි 25ක් අරන් එති – 750ක් දවස් තුනක් ශ්‍රි ලංකාවේ

ship

නාවික හමුදා යාත්‍රා දෙකකින් අද මෙරටට පැමිණි සංචාරක ප්‍රංශ නාවික හමුදා සාමාජිකයන්ගේ පැමිනීම හේතුවෙන් මෙරටට රුපියල් කෝටි 250ක පමණ ආදායමක් හිමිවනු ඇති බව සංචාරක ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් මෙරට රාත්‍රි තුනක් ගත කිරීමට නියමිත අතර මෙම කාලය තුළ සංචාරක හෝටල් කාමර 3000ක් පමණ අලෙවි වන බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
මාස තුනක කාලයක් මහ මුහුදේ රැජකාරී කළ මෙම නාවිකයන් තම රාජකාරිය නිමා කරමින් යන අතරේදී ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් ශ්‍රි ලංකාවෙන් අදාළ නාවික සේවා ලබා ගන්නා අතරේදී ඔවුන් සංචාරය සඳහා අවසරඉ ඉල්ලා ඇත.
මේ අනුව ශ්‍රි ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ විදේශ අමාතයංශය මැදිහත්විමෙන් මෙම කාර්යය සඳහා සංදාරක සංවර්ධන අධිකාරිය තම මැදිහත්වීම ලබා දී ඇත. කොලඹ වරායේ සේවා ගාස්තු සඳහා ඊට රුපියල් මිලියන 125ක ආදායමක් හිමි වන බවට කොලඹ ්‍රංශ තකානාපති කාර්යාලය ඇස්තමෙනතු කර ඇති අතර මෙම සංචාරකයන් මෙරට තුලදී රුපියල් මිලියන 125ක් වැය කරන ඇති බව ඔවුහු සඳහන් කරති.
ප්‍රංශ නාවික හමුදා භටයින් හා නිලධාරීන් 750 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත්තේ දැඩි ජෛව ආරක්ෂිත සංචාරක බුබුලු තත්වයන් යටතේ ය.

ප්‍රංශ රජයේ එෆ්එන්එස් ටොනර් සහ එෆ්එන්එස් සර්කූෆ් නාවික යාත්‍රා මේ වනවිට කොලමට සේන්දු වී ඇති අතර මෙම සංචාරය ශ්‍රී ලංකා-ප්‍රංශ ද්විපාර්ශ්වික මිලිටරි සහයෝගීතාවත යටතේ සිදුවන රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකි. මෙම නෞකා දෙක පසුගිය මාස තුනක කාලය තුළ ඉහළ මුහුදේ පැවතුණු ජපානය සහ සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට ළඟා විය.

රජයේ අනුමැතිය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රංශ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඇතුළු පාර්ශ්වකරුවන් විසින් මෙම සංචාරයට ප්‍රවේශමෙන් පහසුකම් සපයනු ලැබේ. COVID-19 වසංගතය ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංචාරකයින් පිරිසකට නවාතැන් ගැනීමේදී මෙම ක්‍රියා පටිපාටිය මීට පෙරද අනුගමනය කර ඇත.


ප්‍රංශ නාවික කණ්ඩායම යාල, උඩවලව සිගිරිය, අනුරාධපුර, මින්නේරිය යාල වෙත ගමන් කරනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ යාත්‍රා දෙකක කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය එකඟ වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාල,උඩවළවේ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සහ හබරණ පරිසර උද්‍යානය නැරඹීමට ඔවුන් අවසර ඉල්ලා ඇති අතර මෙම ඉල්ලීම ලැබීමෙන් පසු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය දැඩි ජෛව බුබුලු තත්වයන් යටතේ මෙම ජාතික වනෝද්‍යාන නැරඹීමට ප්‍රංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් 422 ක් (එක් කණ්ඩායමකට) අනුමත කළේය..

Exit mobile version