ප්‍රංශෙට පනින පාර හදන්න ජීවත්ව ඉන්න කතට මරණ සහතික ලියූ ග්‍රාම නිලධාරීට ඇප

දිනසේන රතුගමගේ

ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීම සදහා ජීවත්ව සිටින කාන්තාවක් මියගිය බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුලු තුන්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදා හැරීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා 21 දා නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් නඩු විභාගය 2020 නොවැම්බර් මස 30 වෙනි දින පැවැත්වෙන බැවින් එදිනට සියලු විත්තිකරුවන්ට අධීකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.


මුලතිව් පුදුකුඩීරිප්පු ජෙස්මින් පාරේ පදිංචි පුද්ගලයෙකු ප්‍රංශයේ රැකියාවක නිරතව සිටින අතර ඔහුගේ පියා 2008 වසරේදී යුද්ධය හේතුවෙන් මියගොස් තිබේ.

2010 වසරේදී මවද යුද්ධය හේතුවෙන් මියගිය බවට ලිපි ගොණුවක් සකස් කොට අදාල පුද්ගලයා 2014 වසරේදී ප්‍රංශ රජයෙන් එරට පුරවැසිභාවය ඉල්ලා තිබේ.

මේ පිළිබදව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙස මුලතිව් පුදුකුඩීරිප්පු පොලිසියට ලැබුණු අධිකරණ නියෝගයක් මත මව තවමත් ජීවතුන් අතර සිටින බව හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ව්‍යාජ ලේඛන සකස් කිරීම සදහා තොරතුරු සපයන ලද ග්‍රාම නිලධාරීවරයා හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

Exit mobile version