ප්ලාස්ටීක් හා පොලිතින් නිශ්පාදන වර්ග 06ක් හෙට සිට තහනම්….

හෙට ( 31) සිට ප්ලාස්ටීක් හා පොලිතින් නිශ්පාදන වර්ග 06ක් මෙරට භාවිතය තහනම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒවා වනුයේ එකවරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටීක්, පොලිතින්, පෙට් බෝතල්, මයික්‍රො 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධීය නොවන), කොට්න් බඩ්, ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) සහ සුළං පුරවන ලද ප්ලාස්ටීක් සෙල්ලම් භාණ්ඩය.

සමාගම් කීපයක් විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව දැනට නිපදවා ඇති අදාල නිශ්පාදන අලෙවි කර ගැනීමට මාස 03ක කාලයක් ලබා දීමට තීරණය කළ බව ද අමාත්‍යාංශය පවසයි.


මෙම නිශ්පාදන අපනයනය කිරීම සඳහා කිසිදු බාධාවක් හෝ තහනමක් නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම දැනට වෙළෙඳපල තුළ විකිණීමට තිබෙන ඉහත ද්‍රව්‍ය අවසන් වනතුරු අලෙවි කිරීමට හැකි බවත් වෙළෙඳසල් පරීක්ෂාවක් සිදු නොකරන බවත් අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ දිනකට එකතුවන ඝන අපද්‍රව්‍යවලින් සියයට 5.9ක් පොලිතින් හා ප්ලාස්ටීක් අපද්‍රව්‍ය බවය. අප රට තුළ දිනකට පොලිතින් හා ප්ලාස්ටීක් ටොන් 400ක් පමණ එකතුවන බවය.

එහිදී පේට් බෝතල් ටොන් 1250ක් පමණ මසක් තුළ එකතුවනබවට ගණන් බලා ඇත. ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනුක ලබන්නේ ටොන් 250ක් පමණි. දිනකට දහනය කරනු ලබන ප්ලාස්ටීක් අපද්‍රවා ප්‍රමාණය ටොන් 232කි. මෙරටට ප්ලාස්ටීක් අමුද්‍රව්‍ය ටොන් ලක්ෂ 03ක් ආනයනය කරන බවත්, නිමි භාණ්ඩ ද විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් අමාත්‍යාංශය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිතින් හා ප්ලාස්ටීක් මගින සිදුවන පරිසර හානිය සෞඛ්‍ය ගැටළුවලට අවදානය යොමු කරමින් වත්මන් රජය මේ තීරණය ගත් බව අමාත්‍යාංශය කියයි.

Exit mobile version