ප්‍රෝටීන් අඩු පිටි වැඩි කෑම නිසා පොඩි උන් ස්ථුල වෙලා… පවුල් සෞඛ්‍ය කාර්යාශයෙන් අනාගත ව්‍යසනයක් ගැන අනතුරු ඇඟවීමක්!

ශ්‍රියානි විජේසිංහ –                                              

කොළඹ නගරයේ පාසල් අතර දරුවන්ගේ ස්ථූලභාවය සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බවත මෙය  දරුවන්ගේ අනාගතයට ඉතා අහිතකර අන්දමින් බලපාන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍යවරු හදුන්වා දෙති.

පවතින ආර්ථික අර්බුධ හමුවේ දරුවන්ට ප්‍රෝටීන් බහුල ආාහර මිලදී ගැනීමට අපහසු බැවින් ඔවුහු  කාබෝහයිඩ්‍රේට්  බහුල ආහාර වලට  වැඩි නැඹුරුවක් දැක්වීම මෙසේ ස්ථූලභාවය ඉහළ යාමට එක් හේතුවක් වී ඇතැයි ඔවුහු පෙන්වාදෙති.

කුඩා කල දරුවන් අධික ස්ථූලතාවයෙන් පෙලීම අනාගතයේදී දරුවන්ට බෝනොවන රෝගයන්වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ ඉතා අධික බවත් මේ හේතුවෙන් අප රටේ අනාගත පරපුර රෝගීන් බවට පත්වීම වැලැක්විය නොහැකි බවත් ඔවුහු පෙන්වාදෙති

පාසල් ආපනශාලාවන් තුළ දරුවන්ට අහිතකර ආහාරපාන අලෙවි කිරීම තහනම් කරමින් අදාල නීති ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔවුහු පෙන්වාදෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෛතික ප්‍රතිපාදනයන් නොමැති වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පාසල් ආපනශාලවන් හී අලෙවි කරන අහිතකර  ආහාර පාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි යැයි ද ඔවුහු වැඩිදුරටත් අනාවරණ කළහ.

Exit mobile version