ප්‍රාථමික පාසලක විදුහල්පති කාර්යාලය කඩා පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ නිල ඇදුම් කට්ටල පැහැරගෙන…

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පහල ඇල්ලේවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය ඇතුළු පාසැල් සිසුන් ඉගෙන ගන්නා පන්ති කාමරවල කබඩ් කඩා දරුවන්ට බෙදාදීමට තිබූ නිල ඇඳුම් කට්ටල දහතුනක් සහ රුපියල් 6,000 ක මුදලක් අද ( 27 )   අලුයම සොරාගෙන ගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි,

මේ පිළිබඳ පහල ඇල්ලේවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති හඟුරන්කෙත ගෝතමාලංකාර නාහිමියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව එම විද්‍යාලයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල  අප කළ යුතු විමසීමකදී සඳහන් කළේය.

හඟුරන්කෙත ගෝතමාලංකාර නාහිමියන් පොලිසියට පවසා ඇත්තේ විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා පිරිමි හා ගැහැණු ළමුන් සඳහා බෙදාදීමට තිබූ නිල ඇඳුම් කට්ටල් 13 ක් සහ විද්‍යාලයේ කාර්යාලයේ කබඩ් එකක තිබූ රුපියල් 6,000 මුදලක් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි,

විද්‍යාලයේ සිසුන් සඳහා ඉකුත් 24 වෙනිදා නිල ඇඳුම් බෙදදීමෙන් අනතුරුව එදින පාසල් නොපැමිනි සිසුන් 13 දෙනාගේ නිල ඇඳුම්  27 වෙනිදා බෙදාදීම සඳහා විදුහල්පති කාර්යායේ කබඩ් එකක තිබූ බවත්, එම සියලු නිල ඇඳුම් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් නාහිමියන් සඳහන් අප කළ විමසීමකදී සඳහන් කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරලගංවිල  පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version