ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් නිරූපනයට කැමති තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් මිනුවන්ගොඩ පාසල් සිසුවෙක් අත්අඩංගුවට..

රටේ ප්‍රමුඛ නිරූපණ ශිල්පිනියන්  දෙදෙනෙකුගේ නමින් ව්‍යාජ සමාජ ජාල ගිනුම් දෙකක් සකස්කර තරුණියන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ හදාරන සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම ගිනුම් දෙක සාදාගෙන ඊට තමන් දන්නා හඳුනන පිරිස් ඇතුළු තරුණියන් විශාල සංඛ්‍යාවක් එකතු කරගත් පසු නවක නිරූපිකාවන් සඳහා අවස්ථාවක් ඇති බවටත්, ඔවුන් වෙනුවෙන් වෘත්තීයමය ගෙවීම් සිදුකරන බවටත් එම ගිනුමේ දැන්වීමක් පළ කර තිබේ.

මෙම දැන්විම අනුව නිරූපිකාවක වීමේ බලවත් සිහිනයේ පසුවන තරුණියන් ප්‍රසිද්ධ නිරූපිකාව ලෙස පෙනී සිටිනා පාසල් සිසුවා අමතා තිබේ.

අනතුරුව තෝරා ගැනීමේ මූලික සම්මුඛ සාකච්ඡාවට කැඳවීමට පෙර තමන්ගේ අලුත්ම ඡයා රූප දෙකක්  යොමු කරන ලෙස ඉල්ලා ඇති ඔහු  ක්‍රමානුකූලව ඉල්ලීම් කරමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන තිබේ.


පසුව මේ සම්බන්ධව සැක සිතී පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වින්දියන් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු මෙම පාසල් සිසුවා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිගණක අපාරධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version