ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

Says Director of Medical Supply Division

ශ්‍රියානි විජේසිංහ –                                            

ප්‍රමිතියෙන් බාල බවට හෙලිවන සියලුම ඖෂධයන් භාවිතයෙන් ඉවත් කර විනාශ කලද ඉන් රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බව රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක   සඳහන් කරයි.

මෙසේ භාවිතයෙන් ඉවත් කරන සියලුම ඖෂධවල විටිනාකමට අමතරව සියයට 25ක දඩමුදලක්ද අදාල ඖෂධ නිෂ්පාදන සමාගමෙන් අයක කර ගැනීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ යැයිද හෙතෙම පෙන්වාදේ.

තත්ත්වයෙන් බාල ඖෂධ විනාශ කිරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට කිසියම් මුදලක්  දැරීමට සිදුවන බැවින් එම මුදල  ආවරණය කර ගැනීම සදහා සියයට 25ක දඩ මුදල අදාල සමාගමෙන් අයකර ගන්නා බවද වෛද්‍ය වික්‍රමනායක   පැවසුවේය.

කිසියම් ඖෂධ කාණ්ඩයක් ප්‍රමිතියෙන් බාල ඒවා බව හෙලි  වුවහොත් ඒවා සැපයුම් කරුවන්ට ලබා නොදීමට ප්‍රධාන හේතුව එම ඖෂධ වෙනත් මාර්ගයකින් නැවත වෙළදපලට පැමිණීමේ හැකියාවක් පවතින බැවින් යැයිද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


සෑම වසරකම මේ අයුරින් රටට ආනයනය කරන ඖෂධවලින් කිසියම් ප්‍රමාණයන් තත්ත්වයෙන් බල වන බවත් එය ඔීනෑම රටක සිදුවන සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ බවත් පෙන්වා දෙන වික්‍රමනායක    ප්‍රමිතියෙන් බාල කිසිදු ඖෂධයකින්රටට පාඩුවක් සිදු නොවන බවද පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල පාඩුව ඖෂධ නීතිගත සංස්ථාව මගින් අය කර ගන්නා අතර සංස්ථාව එම මුදල අදාල ඖෂධ නිෂ්පාදන සමාගමෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

Exit mobile version