ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස්!

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්දුව්‍ය ජාවාරකම්කරුවකු බව කියන ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි හා කේ . ගෞතමන් හෙවත් ගෞතම්  නැමැත්තන් දෙදෙනාට එදිරිව  මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන්  අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකදී  ඔවුන් දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා   නියෝග කර ඇත.

පැමිණිල්ල විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් මෙම විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරු රණරාජා  නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 1097 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම හා එයට ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.


දීර්ඝ කාලයක් මෙම නඩුව අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයන් දෙදෙනා අතරින් ධර්මරාජන් සුසේන්දුන් හෙවත් සුසෙයි වෙනත් අවස්ථාවකදී එනම් 2013 වසරේ පෙබරවාරි මාසයේදී    මත් කුඩු ග්‍රෑම් 2250ත් සන්තකයේ තබා ගැනීමේ වරදට    මරණීය දණ්ඩනයට නියම වූ ජවාරම්කරුවෙකි.

Exit mobile version