ප්‍රතිත්‍රස්ත පනතේ භයානකම තැන සාලිය පීරිස් පෙන්වයි  !

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ පවතින භයානකම ලක්ෂණය වන්නේ මෙම පනත යටතේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමට දැනට අධිකරණ අමාත්‍යවරයාට පවතින බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද ලබා දීම බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා  පවසයි. පසුගියදා (26)  රූපවාහිනි නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් සිය අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා රට තුළ 30කට අධික නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටින පසුබිමක් තුළ සහ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වී  ඇති පසුබිමක් තුළ තම පෞද්ගලික එදිරිවාදිකම්වලට පවා පුද්ගලයන් පොලිසියේ රඳවා ගැනීමේ හැකියාව මෙයින් හිමි විය හැකි බවට අනතුරු ඇඟවීය.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව පැවැති මෙම සංවාද වැඩ සටහනෙදී අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අවශ්‍යතා සඳහා මෙන්ම පෞද්ගලික කොන්තර හමුවේ පුද්ගලයන් රඳවා ගැනීමට අවභාවිත කළාක් මෙන් මෙම යෝජිත  පනතද අවභාවිත කිරීමේ දැඩි ඉඩක් පවතින බව සඳහන් කළේය.

“ මේ වනවිට පොලිසිය තිබෙන තත්ත්වය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. එය දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආයතනයක්. පොලිස්පතිවරයා ම කියනවා රටේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් සියයට 80කට වඩා සිටින්නේ දේශපාලන බලපෑම් මත ලද පත්වීම් බව. එවැනි තත්ත්වයක් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට ප්‍රති ත්‍රස්ත පනත යටතේ රඳවා ගැනීම් නියෝග නිකුත් කළ හැකි වීමෙන් සිදුවන තත්ත්වය තේරුම් ගන්න. එය බරපතල ලෙස මෙම පනත අවභාවිත කිරීමේ ඉඩක් නිර්මාණය වෙනවා. අපට මතකයි 1980 දශකයෙදී එක්තරා ප්‍රසිදධ ගායකයෙක් මෙ ත්‍රස්තවාදය වැළැක්වීටම් පනත යටතේ රඳවා ගත්තා. බැලුවාම ඔහු මෙසෙ රඳවා ගෙන ඇත්තේ පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන්“.


එවැනි තත්ත්ව ඊටත් වඩා ප්‍රබලව මෙම  පනතින් ඇති විය හැකියි. දේශපාලන අධිකාරිය ලෙස අමාත්‍යවරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීම්  විවේචනය වුණා. නමුත් එයට විසදුම දේශපාලනීකරණය වූ පොලිසියක නිලධාරීන්ට එම බලය ලබා දීම නෙවෙයි. මෙම රඳවා ගැනීමේ බලය අධිකරණය සතු විය යුතු එකක් බව මම විශ්වාස කරනවා. “ යිද සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙහිදී මෙම ප්‍රතිත්‍රස්ත පනත සැකසීමේදී ඊට අදාළ පාර්ශවකරුවන්නේ හෝ මහජනතාවගෙන් නිසි අදහස් විමසීමක් නෙකළ බවත් ඒ තුළ විවිධ නොගැලපීම් ගණනාවක් මකුව ඇති  බවත් පෙන්වා දුන්නේය.

 

Exit mobile version