ප්‍රජාත්ත්‍රවාද තුල අන්තවාදයට ඉඩ නැහැ – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

ajith doval

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල වෛරී ප්‍රකාශ සහ අන්තවාදී ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් නොමැති බවත් ත්‍රස්තාවදය යනු ඉස්ලාම් ධර්මයට පටහැනි කාරණයක් බවත් ඉස්ලාම් ධර්මයේ අරුත සාමය යන්න බවත් ඉන්දියාවවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පැවසීය.

දොවාල් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සාමයේ සහ සමාජ සංහිඳියාවේ සංස්කෘතියක් පෝෂණය කිරීමේදී උලේමාවරුන්ගේ භූමිකාව” යන මාතෘකාව යටතේ සමුළුව අමතමිනි.

සමුළුව අමතමින් ඉන්දුනීසියාන අමාත්‍ය මොහොමඩ් මහෆුඩ් පැවසුවේ, “ආගම සාමයේ මූලාශ්‍රයක් විය යුතු අතර, අසමගිය, ගැටුම් හෝ ප්‍රචණ්ඩත්වය සඳහා හේතුවක් නොවන අතර ආගරම සියලු පාර්ශවයන් එකට එක්කාසු කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කළ යුතුය.” ලෙසයි.


මෙම අවස්තාවේදී ඉන්දුනීසියානු අමාත්‍ය මොහොමඩ් මෙහ්ෆුඩ් හස්රත් විසින් “21 වන සියවසේ තසාව්වුෆ්: ගෝලීය අර්බුදය විසඳීමට” ග්‍රන්ථයක් ඉදිරිපත් කළේය. එහිදී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින්

සමස්ත ඉන්දීය උලමා සහ මෂයික් මණ්ඩලයේ සභාපති ඉන්දියාවේ කීර්තිමත් සුෆි පූජකයෙකු ලෙස හඳුන්වා දුන් අතර ඔහු අවධාරණය කළේ සාමය, සුෆි සාන්තුවරයන්ගේ සමගිය යන පණිවිඩය ඉන්දියාවේ පතුරුවන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක පෙන්වා දෙනු ලැබුවේ රැඩිකල් මතවාද සහ එවැනි මත පැතිරවීම වැලැක්වීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුල සියලුදෙනාගේ අයිතීන් එක ලෙස සුරැකෙන ලෙස කටයුතු කිරීමට පියවර ගතයුතු බවත් “වෛරී ප්‍රකාශ, අගතිය, ප්‍රචණ්ඩත්වය, ගැටුම් සහ ආගම වැරදි ලෙස භාවිතා කිරීම සඳහා ඉඩක් නොමැති” බව ඔහු අවධාරණය කළේය. ඔහු කියා සිටියේ “අන්තවාදය සහ ත්‍රස්තවාදය ඉස්ලාම් ධර්මයේ අර්ථයට පටහැනි” බවයි.

Exit mobile version