ප්‍රකාශය ලබා දී හිටපු ජනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවෙන් පිටව යයි!

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පැය 06කට වඩා දිර්ඝ කාලයක් තුල ප්‍රකාශ ලබා දීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටවි  ගොස් තිබේ.

කිසි කෙනෙක් නොදන්නා  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුව තමන්  දන්නා බවත් විශේෂ අධිකරණ නියෝගයක් මත විනිසුරුවරුන් ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් ලෙස එය ලබදිමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපතිවරයා අදට දින තුනකට පෙර ප්‍රකාශ කිරීමත් සමග රටේ බරපතල ආන්දෝලනයක් ඇතිවුනේය.

පාර්ශව කීපයක් හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. කතෝලික පල්ලිය මේ ප්‍රකාශය සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව කීවේය. ඒ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ වහාම හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කරන්නා ලෙසය.

ඒ අනුව ඊයේ පොලිස්පතිවරයා කීවේ පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ දැනුම්දීම අනුව අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු ජනාධිපතිවරයා පැමිණියේය.  ඔහුගෙන් පැය හයකට අධික කාලයක් තිසේසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Exit mobile version